කුණු මල්ලක දමා ගිය මල් කැකුළක් රැකගත් අපූරු සුනඛයෙක්.

By krishani Jul 21, 2023 04:22 PM GMT
Report

කුණු මල්ලක දමා තිබූ අලුත උපන් ගැහැණු ළමයෙකු රැකගත් සුනඛයෙකු පිළිබඳව පුවතක් ලෙනබන් රටෙන් වාර්තා වේ.

ඒ ලෙබනනයේ ට්‍රිපොලිහි දී ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවෙකුගේ කෑගැසීමක් ඇසීමෙන් පසු බැලීමේ දී සුනඛයා බෑගය රැගෙන යන ආකාරය දුටු මගියකු විසින් බෑගය ලබාගෙන ඇති බවයි. 

ඉන්පසුව එහි ඇතුළත සිටි බිළිඳා සොයා ගෙන ඇති අතර බිළිඳාගේ සිරුර පුරා තැලීම් තිබී ඇත.

පසුව පැය කිහිපයක් පමණ වන බිළිඳා ඉස්ලාමීය පුණ්‍යායතන රෝහල වෙත ගෙන ගොස් ආරක්ෂක අංශ සහ අධිකරණ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු බිළිඳාව ට්‍රිපොලිහි රජයේ රෝහල වෙත මාරු කර ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  ලෙබනනයේ පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.