හඳුනා නොගත් මාරාන්තික රෝගයක් - ඔයත් බලු පැටව් ඇති කරන කෙනෙක් නම් මේ දේ ගැනත් විමසිල්ලෙන් ඉන්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jun 17, 2023 12:55 AM GMT
krishani

krishani

Report

කුඩා බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් පැතිරෙමින් පවතී.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක සඳහන් කළේ ය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ, මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙසයි.

මෙහි රෝග ලක්ෂණයක් ලෙස,

- හුස්ම ගැනීමේ අපහසුතාව.

- වේගයෙන් හුස්ම ගැනීම.

- වමනය හා පාචනය.

- විදුරු මස අවපැහැ ගැනීම.(සුදුමැලි බව)

- කෑම අරුචිය.

- කම්මැලි බව.

යනාදිය වේ.

එමෙන්ම දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවත් මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුල මෙය බහුල ලෙස පැතිර ගොස් ඇත.

ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශ තුල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ප්‍රමාණයක් මෙම රෝගයට හොදුරු වී ඇත.

කෙසේවෙතත් මෙම රෝගය වළක්වා ගැනීමට කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටියේ ය.