මත්ද්‍රව්‍ය තොගයක් සමග පොඩි ලැසීගේ ගෝලයෙකු අත්අඩංගුවට
හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පොඩි ලැසි නමැති අපරාධකරුගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු බටපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
40 හැවරිදි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බටපොල කොබෙයිතුඩුව පන්සල අසලදීයි.
පසුව මොහුගෙන් කල වැඩි දුර ප්‍රශ්ණ කිරීමේදී හෙරොයින්වලට සමාන හඳුනා නොගත් තවත් මත්ද්‍රව්‍ය කිලෝ හතකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
මෙම සැකකරු පිලිබඳ සිදුකල වැඩිදුර විමර්ශන වලදී තෙල්වත්ත ප්‍රදේශයේ නිවසකට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිම, බටපොල ඊරියගහදොලදි කොස්ගොඩ තාරකගේ මාමා ඇතුලු පස් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරිම යන චෝදනාවලට අධිකරණයෙන් ඇපලබා සිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.
සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර බටපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |