හෙට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩසටහනක් ගැන.. ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Colombo Dengue Prevalence in Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 25, 2024 05:17 PM GMT
krishani

krishani

Report

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා වේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක බවය.

මෙරට වත්මන් ආරක්ෂාවට මොකද වුණේ?. ජනපති කළ දැනුවත් කිරිම..

මෙරට වත්මන් ආරක්ෂාවට මොකද වුණේ?. ජනපති කළ දැනුවත් කිරිම..


එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පැවසුවේ ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් ඊයේ අද සහ හෙට දිනයන් තුළ ක්‍රියාත්මක බව ය.

එමෙන්ම, මේ වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ බව ද ඔහු සඳහන් කළේ ය.