පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්

Report

කුඩා දරුවන් අතර මාරාන්තික මී උණ රෝගයක් මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසයි.

අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අවදානම් තත්වය පිළිබදව හෙළි කළ අතර එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමුන් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවය.

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය. මෙම මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

තවද මෙම රෝග තත්ත්වය වකුගඩු රෝග ආසාදනය සිදුවීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. එම නිසා හැකි සෑම විටම දරුවන්ව ආරක්ෂා කරගැනීම ඔබේ යුතුකම වේ.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි