උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - ආපදාවට ලක්වූවන්ට විභාගයේදී සහනයක්
විභාග දෙපාර්තමේන්තුව විසින් රටේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් තම ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු අනන්‍යතා ලේඛන අහිමි වූ හෝ හානියට පත් වූ අපොස උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව විභාගයේ ඉතිරි විෂයන් සඳහා පෙනී සිටීමේදී අනන්‍යතාව සනාථ කිරීමට ලේඛන නොමැති සිසුන්ට සහතික කරන ලද තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.