අගමැති හරිනි ධූරයෙන් ඉවතට? විශ්වාසභංග යෝජනාවට අත්සන් 50ක්

Report

විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට මේ වන විට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකුට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත් අද(08) දිනයේත් තවත් පිරිසක් අත්සන් කිරීමට නියමිත බවත්ය.

6 ශ්‍රේණියේ මොඩියුලය ප්‍රශ්ණය ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි

6 ශ්‍රේණියේ මොඩියුලය ප්‍රශ්ණය ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි

එමෙන්ම හෙට (09)අධ්‍යාපන අමාත්‍ය ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව කතානායක ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට නියමිත බවද මන්ත්‍රවරයා ප්‍රකාශ කර ඇත.

ඊයේ(07) දින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කළ අතර ඊට අත්සන් තැබීම සිදු විය.

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - ආපදාවට ලක්වූවන්ට විභාගයේදී සහනයක්

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - ආපදාවට ලක්වූවන්ට විභාගයේදී සහනයක්

අගමැතිනියට හතර වටෙන් මඩ ගහද්දී ආචාර්යවරුන් සහ වෘත්තිකයන් අගමැති රකින්න පෙරට

අගමැතිනියට හතර වටෙන් මඩ ගහද්දී ආචාර්යවරුන් සහ වෘත්තිකයන් අගමැති රකින්න පෙරට