මහජනතාවට ‘සැන්ඩි බේ’ වෙරළ තීරය ගැන ආරංචියක්

Report

ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම  සදහා ගෙන ඇති පියවර පිළිබඳව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

ඒ වගේම ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ද සාකච්ජා කර තිබේ.

ඒ අනුව ඊයේ (07) පස්වරුවේ දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.

මෙම අවස්ථාව සදහා අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම සහ හෙලිකොප්ටර් සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙහිදී ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඛාදනයට ලක් වීමේ ගැටලුව පිළිබඳවද විශේෂ අවධානය ‍යොමු කර ඇත.

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව NARA ආයතනයේ සහාය ලබා ගනිමින් නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර  ඇත.

තවද මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම ද මෙහිදි සිදුකර තිබේ.

එහිදී ප්‍රකාශ කළේ උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව විවිධ     පාර්ශව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ මෙම කටයුතු සිදුකරගෙන යාමේදි තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි  .

ඔබත් අවදානමට ලක්ද? ගැබ්ගෙල පිළිකා ගැන සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඔබත් අවදානමට ලක්ද? ගැබ්ගෙල පිළිකා ගැන සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කල් දැමුණු උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

කල් දැමුණු උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්