මත්තලට ප්ලේන් එන එක ලොකු දෙයක්ද ඇහුවා දැන් කෝච්චියක් ආවත් ඇමතිලා ටික විශේෂ ඩාන්ස් එකක් දානවා මේක තමයි ඇමති වන්නම - විපක්ෂේ අමතයි
අද දින (8) රැස් වූ පාර්ලිමේන්තුවේදි විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ගමනාගමන කටයුතු හා ඒ හා සම්බන්ද නීතී රීතීන් පිලිබව අදහස් ඉදිරිපත් කළේය.
එහිදී ඔහු පවසා සිටියේ ශ්‍රි ලංකාව ගල් බොරලු පාරේ සිට විදුලි වාහන දක්වා දියුණු වී ඇති නමුත් වර්තමාන ආණ්ඩුව ඒ සියලු ඉතිහාසයන් අමතක කොට තමන් පමණක් නිවැරදි බව උදම් අනන බවයි.
එහිදී ඔහු විසින් වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වර්තමාන තත්ත්වය හා එහි අරමුණ ප්‍රශ්ණ කළේය. එමෙන්ම වර්තමාන ආණ්ඩුව පෙර ආණ්ඩුවලට එල්ල කල පහර දීම් දැන් ඔවුන්ටම පාරා වළල්ලක් සේ ලැබෙන බවයි.
එහිදී ඔහු පවසා සිටියේ,අපිට මතකයි පහුගිය දවස් වල ජනාධිපතිතුමා කිව්වා මත්තලට ගුවන් යානයක් ආපු එකත් ප්‍රවෘත්තියක්ද කියලා.ඒත් ළගදි අපි දැක්කා ආපදා තත්ත්වය නිසා හානි වුණ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා එතෙන්ට කෝච්චියක් ආපු එකත් ප්‍රවෘත්තියක් වෙච්ච එක. එතනදි ඇමතිවරු විශේෂ නැටුමකුත් දාලා පෙන්නුවා.මිනිස්සුනම් ඒ නැටුමට කිව්වේ ආපදා වන්නම කියලා.ඉතිහාසයේ දැවැන්ත ව්‍යාපෘති විවෘත කරද්දි ඇමතිවරු නටලා පෙන්නුවනම් දැන් ගජබා වන්නම මදුරා වන්නමට වඩා ඇමති වන්නම ජනප්‍රිය වෙන්න තිබ්බා" ලෙසයි.