චීත්තයක් ඇඳ සෙල්ලම් කරමින් සිටි සිඟිති දියණියට අවසානයේ අත්වූ ඛේදනීය ඉරණම
චීත්තයක් ඇඳ මිත්තනිය මෙන් රඟපාමින් විනෝද වෙමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි දැරියක් චීත්ත රෙද්දකින් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 11 හැවිරිදි මෙම දැරිය සිය නැගණිය සමග නිවසේ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මලයාසියාවේ ගෘහ සේවයට ගොස් එහි දී සියදිවි හානි කරගත් බවට පැවසෙන කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඔවුන්ගේ ඥාතීන් සිදු කරන පැමිණිල්ලත් සමඟ ඒ පිළිබද ව විමර්ශනයක් සිදු කරන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී තිබෙනවා.
එම විමර්ශනවලින් අනතුරු ව ඇයගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.
බේරුවල - ගල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් වෙන ඇය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස 30 වැනි දා මලයාසියාවේ ගෘහ සේවයට ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මස 24 වැනි දා එරටින් අදාළ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ, ඇය නිවස තුළ දී සියදිවි හානි කරගෙන ඇති බවට යි.
කෙසේ වෙතත්, ඇයට සියදිවි හානි කර ගැනීමට තරම් ගැටලුවක් නො තිබූ බවත් එබැවින් තම වැඩිමල් සොහොයුරියගේ මරණය සැක සහිත බවට යි ඇගේ නැගණිය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශ කළේ.
--------------------------------------------------------------------
ජීවිත කාලෙම විවාහ නොවන සුරූපී දිනිති වල්ගමගේ-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |