නතාෂා නිසා මහේස්ත්‍රාත්වරයාට මැරෙන්න වෙලාලු..

Sri Lanka Police Facebook Colombo Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Oct 02, 2024 05:41 AM GMT
Piyumika

Piyumika

Report

”කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු” යනුවෙන් මුහුණු පොතේ පළ වූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.

හෙල්මට් සහ යකඩ ඉන්නකින් පහර දී අමානුෂික ලෙස 17 හැවිරිදි තරුණයෙක් ඝාතනය කරයි..

හෙල්මට් සහ යකඩ ඉන්නකින් පහර දී අමානුෂික ලෙස 17 හැවිරිදි තරුණයෙක් ඝාතනය කරයි..

ඉසුරු සුරවීර යන පුද්ගලයෙක් මෙම පෝස්ටුව මුහුණු පොතේ ඊයේ (01) පළ කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාතාලයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන හොකී කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් විවේචනය කරමින් මින් පෙර ද අවස්ථා ගණනාවක දී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගැනුණේ.

කමක් නෑ මහ ඡන්දෙන් පස්සෙ මේවා අපටමනේ කියල කට්ටියක් යන්නෙම නෑලු ඕන් ..

කමක් නෑ මහ ඡන්දෙන් පස්සෙ මේවා අපටමනේ කියල කට්ටියක් යන්නෙම නෑලු ඕන් ..

 ”මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක දී බෞද්ධාගමට අපහාස වන අයුරින් අදහස් දක්වමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි බව කියන නතාෂා එදිරිසූරියට අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරීම හේතුවෙන් මෙම පෝස්ටුව පළකර ඇති අතර මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ පවුලේ අය මරා දැමීමට මෙම පුද්ගලයා ඉන් යෝජනා කර තිබෙනවා.