මෙරට ප්‍රබල සුප්‍රසිද්ධ හිමිනමකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

By Sewvandhi Sep 27, 2021 09:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ, මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව පෞද්ගලික මාධ්‍යයක් ඔස්සේ උන්වහන්සේ අපහාසාත්මක අදහස් දැක්වීමක් කළ බවට වූ චෝදනාවක් සම්බන්ධයෙනි. එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, නසීර් අහමඩ්, එම්.එස්. තව්ෆික්, අලි සබ්‍රි රහීම්, මුෂාරෆ් මුදුනාබින් සහ අයිසැක් රහුමාන් යන මන්ත්‍රීවරුන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සිදුකර තිබේ.

ඥානසාර හිමියන් දෙවියන්ට අපහාස කිරීම තුළින් මුස්ලිම් වැසියන් කෝපයට පත් කළ බව ඔවුන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද වාර්තා වේ.

මේ අතර,වලල්ලාවිට ශ්‍රී සුවිසුනන්ද්‍රාරාම විහාරාධිපති හිමියන්ට හා විහාරවාසී හිමි නමකට පසුගිය දා රාත්‍රී 11.00ට පමණ කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබූ භික්ෂු දෙනම ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ විහාරාධිපති ඌවමාරවල සුමේධ සහ විහාරවාසී අනුරපුර සුමිත යන හිමිවරුන්ය. විහාරාධිපති හිමියන් රාත්‍රියේ ආවාසගෙට යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් හිසට පහරදී ඇති බවත් උන්වහන්සේ කෑ ගසාගෙන විහාර මන්දිරය දෙසට දිව යද්දී විහාරස්ථානයේ වැඩ සිටි අනුරපුර සුමිත හිමියන් ආවාස ගෙයි ‍දොර විවෘත කර එළියට පැමිණෙද්දී එම හිමි නමගේ වම් අතට ද පොලු පරහක් එල්ලකර ඇති බව පොලිසිය කියයි.

පහරදුන් පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අමනාපයෙන් පසුවන තවත් හිමිනමකගේ අනුදැනුම ඇතිව මෙම පහරදීම සිදු වන්නට ඇතැයි සැකකරන බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. මීගහතැන්න පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha