කොට්ටෙ බදාගෙන නිදාගත්තෙ..බඩට යටින් රෑ 10.30ට නාගයෙක් මතුවෙයි.(PHOTOS)
විෂකුරු සර්පයින් නාගරික ප්‍රදේශවල නිවාසවලට පැමිණෙන ප්‍රමාණය මේ වනවිට ඉහළ යමින් තිබෙනවා.
මේ, මුහුණු පොතේ හුවමාරු වෙමින් පවතින එවැනි සිදුවීමක්.
"මේ නයා ඉඳල තියෙන්නෙ කඩුවෙල නවගමුව ප්‍රදේශයේ නිවසක කාමරයක ඇඳේ තිබුණ කොට්ටයක් යට.
ඊයෙ රාත්‍රියේ මේ කාමරයේ සිටින පුද්ගලයා සුපුරුදු විදිහට නිදාගන්න ඇඳට ගිහින් තිබුණා.
නිදාගන්න විට පුරුද්දක් හැටියට කොට්ටයක් බදාගෙන ඊයෙත් නිදාගත්ත මේ පුද්ගලයාට ඇඳ ඇතිරිල්ල යටින් යමක් එහා මෙහා යනව දැනුන නිසා අවිශ්වාසෙට වගේ විදුලි පහන් දල්වල බලල තිබුණා.
ඒ අවස්ථාවෙදි තමයි ඇඳ මත හිටපු මේ අඩි තුනහමාරක පමණ නයාව දැකගන්න ලැබිලා තියෙන්නෙ.
ඉන්පසුව රාත්‍රී 10.30ට පමණ මට කරපු දැනුම්දීමකට අනුව එහි ගොස් ආරක්ෂිතව නයාව අල්ලාගන්න හැකියාව ලැබුණා.
ඇඳේ නිදාගෙන සිටිය පුද්ගලයට විශාල වාසනාවක් තිබිලා තියෙනවා දෂ්ඨණයක් නොවී බේරෙන්න.
මේ නිවස ඇතුලෙත් ඉතාම පිරිසිදු තත්වයේ තිබුණේ, ඒ නිසා නයා නිවසට ආව විදිහක් නිවැසියන්ටත් සිතාගන්න බැරිවයි තිබුණේ.
ඇතැම්විට දින කීපයක් නයා මේ නිවස තුලම සිටියා වෙන්නත් පුලුවන්.
කොහොම උනත් මේ වගේ තැන්වල පවා මෙවැනි උග්‍රවිෂ සර්පයින් සැඟවී සිටින්නට හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත්වීම ඉතාමත් වැදගත්."
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ඡායරූපයන් පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |