වතුරත් බීල ඉවරයි...මොකක්ද මේ ඇහෙන අලුත්ම කතාව..

Sri Lanka Food Crisis Water Board Businessman Water Latest Headlines
By Sewvandhi Oct 05, 2024 02:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, දැනට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බවයි.

ඔවුන් ප්‍රකාශ කරන්නේ, ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට රට පුරා අලෙවි වන බවයි.

ඒ අනුව වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මහනුවර අද (05) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.