එක් පළාතක සියලූම පාසල් සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..!
By Sewvandhi
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින්, පාසල් මගින් සංවිධාන කරන විවිධ උත්සව සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම රජය හා පළාත් සභාව යටතේ පාලනය වන මධ්‍යම පළාතේ සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඒ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්.
එහි දැක්වෙන්නේ, ආගමික උත්සව සහ චක්‍රලේඛය මගින් අවසර ලබා දී තිබෙන උත්සවත් හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවයි.
ඒ අනුව පළමු වාරයේ දී උත්සව තුනක් ද දෙවන හා තුන්වන වාර වලදී උත්සව හතරක් ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා.
Sponsored By Sarrita Jewellery