ලංකාවට ක්ලෝරීන් කම්හලක්
පරන්තන්හි කෝස්ටික් සෝඩා සහ ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
පරන්තන් රසායනික කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයේදී මෙම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් දැනටමත් අවසන් කර ඇති අතර, ඉදිරියේදී එම ස්ථානයේදීම කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.
දැනට පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් ක්ලෝරීන් ආනයනය කර රට පුරා බෙදාහරිනු ලබන අතර, ජල පිරිපහදුව සඳහා අවශ්‍ය මුළු ක්ලෝරීන් ප්‍රමාණයම ආනයනයෙන් සැපයෙන බැවින්, ගෝලීය සැපයුම් දාමවලට බාධා ඇතිවන විට ජල පිරිපහදු පද්ධතියම ඇණහිටීමේ අවදානමක් පවතී. එබැවින්, ක්ලෝරීන් නිෂ්පාදනය රට තුළ ස්ථාපිත කිරීම මඟින් විදේශ විනිමය වැය අඩුකිරීමත්, ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමත් ජාතික මට්ටමින් වැදගත් බව හඳුනාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් සෘජු රැකියා 95ක් පමණ සහ වක්‍ර රැකියා 2,000ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, පරන්තන් කෙමිකල්ස් සමාගමට වෙන්කර ඇති අක්කර 30ක භූමිය තුළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමේ යෝජනාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.