කොත්තු - රයිස් මිල වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

By Wayomi May 03, 2024 10:16 AM GMT
Report

ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ, ගෑස් මිල පහළ යාමත් සමඟයි.

මේ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා සඳහන් කළා.

එමෙන්ම කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර ඇති අතර .ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

..............................................................................

May you Like