ගුවන් හමුදාවේ වැටුප් ගෙවීමේ වෙනසක්.

Government Of Sri Lanka Sri Lanka Air Force
By Wayomi Jan 21, 2023 09:55 AM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමද අර්බුදයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ වැටුප් ගෙවීමට අදාලව ගුවන් හමුදාවේ නිලධාරීන්ට වැටුප් ගෙවීම කොටස් දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ගුවන් හමුදා මුලස්ථානය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව, මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් ගෙවීම යන අංශ දෙක යටතේ වෙන් වෙන් වශයෙන් වැටුප් ගෙවීමේ දිනයන් තීරණය කර තිබෙනවා.

මෙහිදී 2023 ජනවාරි 20 වනදා වන වැටුප් ගෙවන දිනයට අදාලව සෙසු නිලයන් හා කැඩෙට් නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට තීරණය කර ඇති අතර අනෙක් නිලධාරීන්ගේ වැටුප් ගෙවන දිනය පසුව දැනුම් දෙන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ ලිපිය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery