විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව නඩු මඟට බහි.

Government Of Sri Lanka Ceylon Electricity Board
By Wayomi Jan 24, 2023 04:07 AM GMT
Wayomi

Wayomi

Report

අද (24)දිනයේ නීති විරෝධි ආකාරයට විදුලි බල පනත උල්ලංඝනය කරමින් සිදුකිරීමට යන විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව විදුලිය පාවිච්චි කිරීමේ සංගමය පවසනවා.

ඒ, අනුව රීට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කරමින් ද ලිපි යොමු කර ඇති බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, විදුලි බල පනත අනුව අතීත කාලයට බලපැවැත්වෙන පරිදි විදුලි බිල වැඩි කිරීමට කිසිසේත්ම නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම පනතේ 30 වැනි වගන්තිය අහෝසි කිරීමක් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW