ලොරියේ හුළං ඇරිය පොලිස් නිළධාරියාට.. පොලීසිය ඒ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා කළ දෙය මෙන්න.. (UPDATE/VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Aug 03, 2024 12:27 PM GMT
krishani

krishani

Report

UPDATE:-

මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහට ලක්ව ඇති පුවතක් පිළිබඳව ගගන අපි පෙර සඳහන් කළා.

ඒ වත්තල පොලීසියට අනුයුක්ත රථවාහන රාජකාරී සිදුකරන පොලිස් නිළධාරීයෙකු මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් ය.

තව හොරා කිහිපයයි.. ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරඟයට.. අපේ අයට සුබ ආරංචියක් නම් නෙමෙයි මෙන්න.. වෙලා තියෙන්නෙ..

තව හොරා කිහිපයයි.. ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරඟයට.. අපේ අයට සුබ ආරංචියක් නම් නෙමෙයි මෙන්න.. වෙලා තියෙන්නෙ..


පොලීසිය සඳහන් කළේ අදාළ පොලිස් නිළධාරියා සිදුකරන එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවයි.

ඒ හේතුවෙන් අද (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 03කගේ ඡායාරූප පොලීසියෙන් එළියට.. ඒ අය මෙන්න..(PHOTO)

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 03කගේ ඡායාරූප පොලීසියෙන් එළියට.. ඒ අය මෙන්න..(PHOTO)


මේ අතර, චෝදනා පත්‍රයක් ඔහුට ලබා දී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

-------------------------------------------------

ඒ කරපු වැඩේ හරි ද මහත්තයෝ?. දෙනෝදාහක් ඉන්න පාරෙම පොලිස් නිළධාරියෙක් කළ තවත් දෙයක්.. බුකියම කැළඹිලා මෙන්න..(VIDEO)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

ලොරියේ හුළං ඇරිය පොලිස් නිළධාරියාට.. පොලීසිය ඒ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා කළ දෙය මෙන්න.. (UPDATE/VIDEO) | A Cars Windshield Is Open

ඒ වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් ය.

එම පොලිස් නිලධාරියා එහිදී සඳහන් කර ඇත්තේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය.

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් ද විරෝධයක් එල්ල වී තිබෙනවා.

පසුව අදාළ ස්ථානයට පැමිණෙන ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බව ය.

ඒ අතරතුරදී මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවයි.

එමෙන්ම, මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවත් පොලීසිය සඳහන් කර තිබෙනවා.

විශ්‍රාමිකයන් ගැන තීරණයක්?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විශ්‍රාමිකයන් ගැන තීරණයක්?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය

කෙසේ වෙතත්, ඒ අනුව අදාළ නිලධාරියාව අද (03) විනය පරීක්ෂණයක් සඳහා පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


ReeCha