විශ්‍රාමිකයන් ගැන තීරණයක්?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..
මෙරට විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට තමන් පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික නියෝජිත පිරිසක් විපක්ෂ නායකවරයා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් සිටිය දී ය.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් හේමන්ත විජයතිලක සහ සභාපතිකුමාර කරුණාරත්න සඳහන් කළේ විපක්ෂ නායකවරයාට තම ගැටලුව සම්බන්ධයෙන් පුලුල් අවබෝධයක් ඇති බව ය.
මේ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ චන්ද්‍රරත්න පල්ලේම ද සමගි ජනගබල එක් විය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ය.