ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයේ භූ කම්පන අවදානමක්??.සම්පූර්ණ විස්තරය මෙන්න.

Australia Sri Lanka Weather Earthquake
By Aruna Sep 24, 2021 04:50 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර භූ කම්පනයක් ඇති වුණා.

මේ සමඟ ම ශ්‍රී ලංකාවේත් භූ කම්පන ඇති විය හැකි දැ යි ජනතාව තුල කුකුසක් මතු වූයේ, මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් භූ කම්පන තත්ත්වයක් පිළිබඳ ව වාර්තා නො වීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ පරිසර අමාත්‍යාංශය මෙරට තුළත් එවැනි භූ කම්පන තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇති දැ යි විශේෂඥයින්ගෙන් විමසීමක් කළා.

එහී දී හෙළි වුයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තලය අනුව, ඉදිරියේ දී විශාල පරිමාණයේ භූ කම්පන තත්ත්වයන් ඇති වීමට ඉඩක් නො මැති බව යි.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාව හා භූ කම්පන අවදානම සම්බන්ධ ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සංවිධාන කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක දී ඊට සම්බන්ධ ආචාර්ය - මහාචාර්යවරුන් මේ පිළිබඳ හෙළිදරව් කිරීමත් සමඟයි.

දැනට සිදු ව ඇති සියලු ම භූ කම්පනවලින් සියයට 98ක් ම සිදු ව ඇත්තේ භූ කාරක තැටි මායිම් ආශ්‍රිත ප්‍රදේශවල යි.

ඉන් බැහැර ව සිදු වන භූ කම්පන ප්‍රමාණය සියයට 2ක් පමණ වන අතර, එම නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ.

එහෙත් භූ කම්පාවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි තාක්ෂණික පියවර ගැනීම සුදුසු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිට මහකනදරාව, පල්ලෙකැලේ, හක්මන හා බුද්ධංගල භූ කම්පන පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇති අතර, ඉදිරියේ දී බස්නාහිර හා වයඹ පළාත් තුළ තවත් භූ කම්පන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට නියමිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha