මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1007ක් මරුට
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Law and Order
Sinhala news
By Shehan
2025 වසරේ මේ දක්වා සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් ඇත.
අද (19) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, රිය අනතුරු පාලනය කිරීම සඳහා පොලීසිය විසින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවය.
ඒ අනුව, ජනවාරි 1 සිට මැයි 18 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
