මහ රෑ ගේකට පනින්න ගිය නාවික සෙබළාට වියපත් කාන්තාව කියා දුන් අමුතු පාඩම
රාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවෙසක හුදකලාව වාසය කළ වයස අවුරුදු 60ක කාන්තාවකගේ නිවෙසට 22 වැනිදා අලුයම 1.30ට පමණ නිවෙසේ ඉදිරිපස දොර විවර කරගෙන ඇතුළුවීමට උත්සාහ කළ නාවික හමුදා සෙබළකුට එම කාන්තාව විසින් මන්නා පහරක් එල්ල කිරීමේ සිද්ධියක් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වේ.
මන්නා පහර කෑ සැකකරු පලාගොස් ඇති අතර කාන්තාව පහර දුන් මන්නයද රැගෙන එම අවස්ථාවේදීම රාගම පොලිසියට පැමිණ භාරවී ඇත. පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාව 23 වැනිදා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.
මන්නා පහරින් සිය දකුණතේ ඇඟිල්ලක් අහිමි කරගත් සැකකාර නාවික නිලධාරියා ඇඟිලි කොටසද අයිස් බෑගයක දමාගෙන රාගම රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වී ඇත. රාගම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව කියන නාවික සෙබළා වයස අවුරුදු 36ක අයකු බවට පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අසේල පෙරේරා මහතා සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවා ඇති අතර උප පොලිස් පරීක්‍ෂක තිලක් මහතා පැමිණිලිකාරිය වැළිසර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
