ඉන්දියාවේ බස් දෙකක් මුහුණට මුහණ ගැටී දරුණු අනතුරක් - 6ක් මරුට 28ට බරපතළයි

By Kaushi Nov 24, 2025 08:14 AM GMT
Report

තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින (24) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුර මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුව තිබෙනවා.

මාවනැල්ලේ බිහිසුණු අනතුරෙන් එක් අයෙක් මරුට - පොලීසි‍යෙන් විශේෂ දැනුවත්කිරීමක්

මාවනැල්ලේ බිහිසුණු අනතුරෙන් එක් අයෙක් මරුට - පොලීසි‍යෙන් විශේෂ දැනුවත්කිරීමක්

එසේම අනතුරෙන් බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. සිදු කළ මූලික විමර්ශනවලින් මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බව අනාවරණය වී ඇත.

එසේම තුවාල ලැබූ මගීන් 28 දෙනාම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නමුත් ඔවුන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 3ක් මරුට

පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 3ක් මරුට

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක් හිටි හැටියේ රත් වුණු හේතුව මෙන්න

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක් හිටි හැටියේ රත් වුණු හේතුව මෙන්න