බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වාහන 58ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවන විත්තිකරුවන් සම්බන්ධයෙන්, අධිකරණ සමඟ සෘජුව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ රැඳවියන්ගේ සුඛසාධනය සම්බන්ධ කටයුතු සිදු කිරීමේදී, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාවයක් පැන තිබේ.
ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා පහත වාහන මිලදී ගැනීමට ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත,
ආසන 44 බස් රථ 30 ක්
ආසන 30 බස් රථ 10 ක්
වෑන් රථ 10 ක්
ගලි බවුසර් 5 ක්
ට්‍රැක්ටර් 3 ක්
සඳහා ලංසුකරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.