හොරණේ රත්‍රං කුටියක්! ව්‍යාපාරිකයකුගේ නිවසේ කිලෝ 55ක් සොයා ගැනේ
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී රත්‍රං කිලෝ පනස් පහක (55) පමණ ප්‍රමාණයක් විමර්ශන අංශවලින් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බව පැවසේ. එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත්තේ මෙය දීර්ඝ කාලයක් තිස්සේ තමන් එකතු කරගත් රන් සංචිතයක් බවයි.
නමුත්, එවන් සංචිතයක් එකතු කරගත් ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට ඔහුට නොහැකි වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් එම රන් සංචිතය රාජසන්තක කිරීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ලබා ගැනීමට බලධාරීන්ගෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් දැන ගන්නට ඇත.