කෝටි 50ක රත්තරන් සුඛෝපභෝගී කොමඩ් එක හොරකම් කරලා - අවසානයේ දී සිදුවුණ කවුරුත් නොහිතපු දෙය..

By krishani Nov 07, 2023 03:10 PM GMT
krishani

krishani

Report

2019 දී Blenheim මාලිගයේ කැරට් 18ක රත්තරන් වැසිකිළියක් කොල්ල කා තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මෙම වැසිකිළිය Blenheim මාලිගාවේ කලා ස්ථාපනයක කොටසක් වන අතර එය පවුම් මිලියන 4.8ක් වටිනා (රුපියල් කෝටි 50කට පමණ සමාන) ‘අමෙරිකා’ ලෙස නම් කර ඇත.

මෙම සුඛෝපභෝගී කොමඩ් එක නිර්මාණය කර ඇත්තේ ප්‍රකට ඉතාලි සංකල්ප කලාකරුවෙකු වන Maurizio Cattelan විසින් ය.

Blenheim මාලිගය එක්සත් රාජධානියේ හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගේ උපන් ස්ථානය වේ.

මීට පෙර 2016 දී මෙම රන් වැසිකිළිය New York හි Guggenheim කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සැකකරුවන් සිව්දෙනා නොවැම්බර් 28 වැනිදා ඔක්ස්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha