සරසවි සිසුන් 42ක් රෝහල්ගත කළ බඹර ප්‍රහාරය.
By krishani
හන්තාන කන්ද තරණයට පැමිණි සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයෙන් සිසුවියන් 15ක් සහ සිසුන් 27ක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ ගම්වාසීන්, පොලිසිය සහ යුද හමුදාවේ සහයෝගයෙන් ය.
සිසුන් 350ක් පමණ මෙම චාරිකාව සඳහා සහභාගී වී ඇති අතර සෙසු පිරිස ඔවුන් පැමිණි බස් රථවලින්ම පිටත් කර යැවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.