40,000ක පොලිස් බළඇණියක්..රට පුරා ආරක්ෂාව තර කරයි ..

Sri Lanka Police Sri Lanka Festival
By Piyumika Dec 21, 2024 07:39 AM GMT
Piyumika

Piyumika

Report

එළැඹෙන නත්තල් උත්සවයට සහ නව වසරට සමගාමීව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 40,000 ක් සේවයේ යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඇමති බංගලා සම්බන්දව ගත් විශේෂ තීරණය...

ඇමති බංගලා සම්බන්දව ගත් විශේෂ තීරණය...

දිවයින පුරා කතෝලික දේවස්ථාන සහ ආගමික ස්ථානවල, වෙළෙඳසල් ඇතුළු තදබදයන් පවතින පොදු ස්ථාන ආවරණය වන පරිදි එලෙස පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිත බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග, බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6500 කට අධික පිරිසක් යොදවා ඇතැයි පැවැසීය.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා වෙළෙඳසල් ආශ්‍රිතව සිටින සොරුන්, ගැටකපන්නන් වැනි අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අභිරහස් ලෙස ඝාතනය කළ අයෙකුගේ සිරුරක් කටුකුරුන්දෙන්...

අභිරහස් ලෙස ඝාතනය කළ අයෙකුගේ සිරුරක් කටුකුරුන්දෙන්...

රථවාහන තදබදය නතර කිරීම සඳහා හැසිරවීමට පොලිස් නිලධාරීන් 600 ක් පමණ යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‘‘උත්සව සමයේදී ඇඳුම් පැලඳුම් බඩු බාහිරාදිය මිලදී ගැනීමට යාමේදී තමන් සතු මුදල්, ජංගම දුරකථන, රන්භාණ්ඩ ඇතුළු දේපළ ප්‍රවේශම් කරගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට ඔබගේ සහායත් අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයෙක් ඒ වගේම සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න.’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග වැඩිදුරටත් පැවසීය.  

You may like this video

ReeCha