ජාත්‍යන්තර සමුළුවට ගිය මෙරට පොලිසියේ 4ක් අතුරුදන්.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීමට එක්සත් රාජධානියට ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙකුට තම රැකියා අහිමි වී තිබෙනවා.
පසුගිය මාසයේදී පොලිස් නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සමුළුවට සහභාගි වීම සඳහා මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.
එලෙස පිටත්ව ගිය ඔවුන් පසුගිය 4 වෙනිදා නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද, මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණක් බවයි පොලිසිය පවසන්නේ.
ඒ, අනුව ඔවුන් සිව්දෙනාට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කර තිබෙනවා.
මේ වන තෙක් මෙරටට නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙක්.
මෙම නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වීමට ගොස් ඇත්තේ මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය නියෝජනය කරමින් .
මේ වන තෙක් මෙරටට පැමිණ නැති නිලධාරීන්ගෙන් කිහිපදෙනෙකු පොලිස් මූලස්ථානයෙන් වසර 05ක නිවාඩු ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔවුන් මෙම සමුළුවට සහභාගි වීමට ගොස් ඇත්තේ තමන්ගේ පෞද්ගලික මුදලින් බවත් අනාවරණය වෙනවා.