ඖෂධ 38ක් අවුරුද්දක් තිස්සේ ගුවන් තොටුපොළේ හිරවෙයි. - ඇත්තම හේතුව හෙළි වෙයි.?
ජනාධිපති නිර්දේශ උල්ලංඝනය කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ රටට ගෙනා තවත් ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ගාල්ලේදී පෙරේදා (24) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කළා.
ඔහු පවසන්නේ, ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුලින් ගනුදෙනුව සිදුවන සමයේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ඖෂධ වර්ග 38 ගෙන්වා ඇති බවයි.
කෙසේ වෙතත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම නිසා එම ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීම අතුරු තහනම් නියෝගයක් මගින් අත්හිටුවා තිබෙනවා.
නමුත් මෙම ඖෂධ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හෝ වෙනත් අරමුදලක් භාවිතා කරමින් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවත්, කැබිනට් අනුමැතිය නොලැබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් රුපියල් කෝටි 100ක් වැය කරමින් මෙම ඖෂධ තොගය ගෙන්වා ඇති බවත් වෛද්‍ය චමල් සංජිව මෙහි අනාරණය කරනු ලැබුවා.
