ඇල මාර්ග 31ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ තීරණයක්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, රුපියල් මිලියන 218ක මුදලක් වැය කරමින් ඇල මාර්ග 31ක් සහ ඒ ආශ්‍රිත ජල පද්ධති නඩත්තු හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර තිබේ .
කොලොන්නාව, කැලණිය, මට්ටක්කුලිය, මීතොටමුල්ල සහ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති, 2026 ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ .
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සදහන් කරන්නේ ගංවතුර අවදානම අවම කිරීම, ජල බැසයාම වේගවත් කිරීම,නාගරික පරිසරය සුරක්ෂිත කිරීම.ගංවතුව වෙනුවෙන් දිගුකාලීන හා ස්ථිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘති හරහා බලාපොරොත්තු වන බවයි .
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.