රජයේ පුරප්පාඩු 30,000ක්.. උපාධිධාරීන්ට ලැබෙන අවස්ථාව මෙන්න..
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
Latest Headlines
AKD
National People's Power - NPP
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බවයි.
එමෙන්ම, බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් ඒ මහතා සදහන් කළේ ය.
ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බව ජනපති පැවසීය.
එමෙන්ම, එයට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ජනපති මේ බව සදහන් කළේ අද (31) යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ය.
You May Like This Video👇