ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට උත්සාහ කළ 26 දෙනෙක් අත්අඩංගුවට - ශරීර අභ්‍යන්තරයේ සඟවා ඇත්දැයි පරීක්ෂා කිරීමටත් වෛද්‍ය පරීක්ෂණ

Report

කන්කසන්තුරෙයි වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ‘SG 423’ මගී ප්‍රවාහන නෞකාවෙන් නීති විරෝධී ආකාරයට ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමට උත්සාහ කළ මගීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම පිරිස කොටු කර ගෙන ඇත්තේ රේගු නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (17) දිනයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට පත්වූ 26 දෙනා අතරට ඉන්දීය ජාතිකයින් 17ක් සහ මෙරට පුද්ගලයින් 9ක් ඇතුළත්. එමෙන්ම ඔවුන්ගෙන් 6 දෙනෙකුම කාන්තාවන් වේ.

රුපියල් කෝටි ගණනක් වටිනා මේ සියලු රන් භාණ්ඩ අයිතම මැන මහ බැංකුවට භාර දීලා

රුපියල් කෝටි ගණනක් වටිනා මේ සියලු රන් භාණ්ඩ අයිතම මැන මහ බැංකුවට භාර දීලා

මේ අතර සැකකරුවන් අතුරින් දෙදෙනෙකු සන්තකයේ රත්‍රන් සඟවාගෙන සිටියදී සොයාගෙන ඇත.

එසේම රත්‍රන් ශරීරය අභ්‍යන්තරයේ සඟවා ඇත්දැයි පරීක්ෂා කිරීම ඇතුළු වෛද්‍ය පරීක්ෂණ සඳහා මගීන් 26 දෙනාම යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්