සුනාමිය ඇවිත් වසර 21ක් - මියගිය අය වෙනුවෙන් අද රට පුරා නිශ්ශබ්දතාවයක්
සුනාමි ව්‍යසනය සිදුව අද වන විට වසර 21ක් සපිරෙයි. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ මෙරට ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති විය.
එම ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට විය.
එබැවින් එම සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමට 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින, ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර ඇත.
එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් නිසා මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද "ජාතික සුරක්ෂිත දින" සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව සඳහන් කළා.
තවද මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීමට මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.