ලෝකයම ආසාවෙන් බලා ඉන්න මොහොතක් - එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ මෙහෙමයි..
Cricket
United States of America
2024 T20 World Cup Cricket Tournament
T20 World Cup 2024
By krishani
තවත් මාස 06ක කාල සීමාවකින් 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ.
එම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී ය.
සමස්ත තරග 55ක් එයට ඇතුළත් අතර මූලික වටයේ තරග කාණ්ඩ 04ක් යටතේ පැවැත්වීමට නියමිතයි.
එක් කාණ්ඩයකට රටවල් 05 බැගින් ඇතුළත් වන අතර සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කරගන්නා රටවල් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබයි.
එමෙන්ම, එම සුපිරි 08 වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, එම එක් කාණ්ඩයක් සඳහා රටවල් 04 බැගින් ඇතුළත් කෙරෙනු ලබන අතර අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි.
කෙසේ වෙතත්, අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.
