2011 ලෝක කුසලාන තරඟ පාවාදීමේ විමර්ශනය නවතම ප්‍රතිපල මෙන්න...

By Sithumi Sep 23, 2021 11:30 AM GMT
Sithumi

Sithumi

Report

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යයි හිටපු ක්‍රීඩා ඇමති වරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එකී ප්‍රකාශය පදනම් කරගනිමින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන එ්කකය කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ.

කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු එවකට කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය විසින් ඒ අනුව ප්‍රශ්න කරන ලදී. එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස පොලිස් ඒකකයට දැනුම් දී තිබින.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එවක සඳහන් කළේ තරග පාවා දීම සම්බන්ධයෙන් සාක්ෂි ද තමන් සතුව පවතින බවයි.

-------------------------------------------------------------

ධනංජයගේ ස්ථානය සහ හැකියාවන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ දසුන් කියයි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha