ගමන් කම්පාකරමින්, ළිදට වැටී අවුරුදු දෙකේ දැරිය අවසන් ගමන් යයි..!

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Oct 18, 2023 04:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (17) සවස් කාලයේ කොකාවැව දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියක් ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ. 

කොකාවැව පොලීසිය විසින්,  මවක් සහ ඇගේ කුඩා දැරිය දියේ ගිලීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දැරිය මියගොස් ඇති අතර දැරියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02 මාස 05ක් පමණ වන දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියකි.

දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබී ඇති බවත්, 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවටත් පසුව සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

දැරියගේ මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  

ReeCha