මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ [VIDEO]
මහනුවර පොදු වෙළඳපොළ පරිශ්රය පිටුපස පිහිටි පදික වේදිකාවේ කොටසක් හදිසියේම ගිලා බැසීමට ලක්ව අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඒ අනුව ඔවුන් මහනුවර රෝහලට ඇතුළත්කර ඇති බව පවසයි.
කෙසේ වුවත් එම සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
අද සිට මේ නීතිය ක්රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි
මෙසේ තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවක්.
පදික වේදිකාව අසල වූ වෙළෙඳසැලක් ඉදිරිපිට කොටසක් මෙසේ එකවරම ගිලා බැසීමට ලක්ව තිබෙන අතර වෙළෙඳසැල්වලට පිටුපසින් ගලාබසින ඇළ මාර්ගයේ ජල පහර හේතුවෙන් පදික වේදිකාවට යටින් වූ පස් තට්ටුව ඛාදනය වීම මෙයට හේතුවන්නට ඇති බවට ප්රදේශවාසීන් සැක පළකරයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.
ශ්රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,