ගොවි මණ්ඩලයේ ලොක්කෝ 19 දෙනෙකුටම හොරෙන්ම දීමනා දීලා

Report

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් 19 දෙනකුට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට පටහැනිව රුපියල් ලක්ෂ තිස් එකක ප්‍රවාහන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ප්‍රවාහන දීමනා වශයෙන් නීතියට පිටින් 2022 වර්ෂයේ දී ලක්ෂ දහතුනකට වැඩි මුදලක්ද 2023 වර්ෂයේදී ලක්‍ෂ දහඅටකට වැඩි මුදලක්ද ගෙවා ඇත.

රේගුවෙත් ලොකුම ලොකු අවුලක් - සේවකයෝ කෝටි ගානකට ගහලා

රේගුවෙත් ලොකුම ලොකු අවුලක් - සේවකයෝ කෝටි ගානකට ගහලා

මේ තොරතුරු සඳහන් වන්නේ කෘෂිකාර්මික හා ගොවි ජනරක්ෂණ මණ්ඩලයේ කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

ඒ අනුව මෙය ගෙවා ඇත්තේ කෙසේද කිනම් පදනමක් යටතේ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

රන් මිල වාර්තාගත ලෙස ඉහළට - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

රන් මිල වාර්තාගත ලෙස ඉහළට - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු