ගුවන් තොටුපොළවල සේවය කිරීමට නව බඳවා ගැනීම් 184ක්
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මඟින් ශ්‍රි ලංකාව තුළ පවත්වා ගෙන යනු ලබන ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල සේවය කිරීම වෙනුවෙන් බඳවා ගත් නව සේවකයින් 184 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (15) දින පස්වරු 03.00 ට කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇත.
ඒ අනුව ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් කාර්යාලවල සේවයේ නිරත වනු පිණිස අඳාළ නව පත්වීම් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව රජය මඟින් මෙම ගුවන් තොටුපොළවල පුරප්පාඩු සම්පූර්ණ කරමින් කාර්යක්ෂම සේවාවක් දෙස් විදෙස් ගුවන් මගීන් වෙත ලබා දීමට මෙම නව පත්වීම් ලබා දීම සිදු කළ බව සඳහන්.
මේ අතර මෙම අවස්ථාව සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති , සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල යන මහත්වරු ඇතුළු ගුවන් තොටුපොළ සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.