දුම්රියේ යන අයට සුබ පණිවුඩයක් - අද සිට
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම අද (16) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් අද (16) සිට පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර කොළඹ කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ධාවනය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ මෙම මාර්ගයේ මගී දුම්රිය ධාවනය අදියර කීපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය, කුඩා වැව යන දුම්රිය ස්ථාන දක්වා දීර්ඝ කරන ලද අතර අවසාන වතාවට දෙසැම්බර් 29 වනදා හලාවත දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කර තිබුණා.
එමෙන්ම හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යාම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්රදේශයේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යාම වැනි බරපතළ ආපදා හේතුවෙන් මෙසේ පුත්තලම දුම්රිය ස්ථානය දක්වා ධාවනය බිදවැටීම සිදුව ඇත.
ඒ අනුව අද (16) සිට පහත ආකාරයට මගී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව සඳහන්.
