මිතුරන් සමඟ මුහුදේ නාන්න ගිය දහ අටේ තරුණයා අතුරුදන්
අක්කර්පත්තුව මුහුදු තීරයේ දිය නෑමට ගිය 18 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව අක්කර්පත්තුව පොලිසිය පවසයි.
මිතුරන් සමඟ පෙරේදා (15) අක්කර්පත්තුව පොලිස් වසමේ මුහුදු තීරයේ දිය නෑමට ගිය අට්ටාලච්චේන 16 ප්‍රදේශයේ පදිංචි පරීඩ් සිප්පි (වයස 18) නමැති තරුණයා මෙම සිද්ධියෙන් අතුරුදන්වී ඇත.
ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්
15 වන දින දහවල් කාලයේ අක්කර්පත්තුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කරන ලදී.
අනතුරුව විමර්ශන තුළින් අනාවරණය වන්නේ, අතුරුදන් වූ තරුණයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නාමින් සිටියදී අතුරුදන් වූ බවයි.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. අක්කර්පත්තුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.