අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Report

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත අද (17) ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී තවත් අයිස් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුගේ බිරිඳද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්

ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි යුවළකි.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ ඔවුන් 31 සහ 21 හැවිරිදි අඹුසැමි යුවළක් බව ය.

මොවුන් දෙපළ බොහෝ කාලයක් පුරාවට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.

එමගින් කෝටි ගණනක මුදල් උපයා ගෙන ඇතැයි ද පොලීසියට අනාවරණය කරගැනීමට හැකිව ඇත.

මෙම සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලිීසිය වැඩිදුර සඳහන් කළේ මෙම දෙපළට මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය මෙන්ම ජාවාරමෙන් උපයා ගත් මුදල් සහ ඔවුන්ගේ ගිණුම් විස්තර පිළිබදවද එහිදී රඳවා ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලන බවයි.

අම්බලන්ගොඩ දැවැන්ත උද්ඝෝෂණයක්

අම්බලන්ගොඩ දැවැන්ත උද්ඝෝෂණයක්