BYD අලෙවිය 63%කින් බිමට

Report

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම්ව CAL Research ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී BYD මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සැලකිය යුතු පහත වැටීමක් වාර්තා වේ.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ඔක්තෝබර් මාසයේ BYD මාදිලියේ රථ ලියාපදිංචි සංඛ්‍යාව 563 කි. පෙර මාසය වන සැප්තැම්බරයේදී ලියාපදිංචි කරන ලද රථ සංඛ්‍යාව 1,531 ක් වේ. මෙම සංඛ්‍යාවන් සැසඳීමේදී, ඔක්තෝබර් මාසයේ ලියාපදිංචි කිරීම් සියයට 63 කින් පහත වැටී ඇති අතර මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු, එනම් අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ අඩුම BYD ලියාපදිංචි සංඛ්‍යාව සටහන් වන්නේ ඔක්තෝබර් මාසයේදීය.

ආයේ බස් වෙලාවත් පාසල් වෙලාවත් වෙනස් වෙයි - ලංගම පෞද්ගලික බස් දෙකේම ලොකු වෙනසක්

ආයේ බස් වෙලාවත් පාසල් වෙලාවත් වෙනස් වෙයි - ලංගම පෞද්ගලික බස් දෙකේම ලොකු වෙනසක්

මෙම සියලු ලියාපදිංචි කිරීම් අනුව, මෙතෙක් රට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත BYD මෝටර් රථ සංඛ්‍යාව 6,949ක් බවට පත් වී ඇත.\\

BYD මෝටර් රථ අතරින් ATTO මාදිලියට විශාල ඉල්ලුමක් පැවතියද, රේගුව හා සම්බන්ධ කරුණු හේතුවෙන් එම රථ නිදහස් කරවා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව එම වාර්තා වේ.  

විදෙස් කතට අසභ්‍ය වැඩ කරපු නරුමයාට නියම දඩුවමක්

විදෙස් කතට අසභ්‍ය වැඩ කරපු නරුමයාට නියම දඩුවමක්