පොලිසියේ ඉහල පුටු හයකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු හයකට ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින නිලධාරීන් හය දෙනකු මෙලෙස මාරු කර යවා ඇති බවට සඳහන් වේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අනුදැනුම මත පොලිස් කොමිසමේ අනුමැතියෙන් මෙම මාරුවීම් ලබා දී තිබේ. ඒ අනුව පසුගියතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් පතිනායක මහතා විනය හේතුවක් මත එම තනතුරෙන් ඉවත්කොට මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර තිබේ.
ඒ අනුව පරිපාලන අංශය භාර නව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාරව කටයුතු කළ සංජීව ධර්මරත්න මහතා පත් කර ඇත. පුහුණු සහ උසස් පුහුණුවීම් අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා බස්නාහිර පළාත භාරව පත්කර තිබේ.
උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිස්ස ධනපාල මහතා උතුරු මැද පළාත භාරවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත භාරවත් පත්කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණු සහ උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ මහතා පත්කර තිබේ.
අපරාධ හා රථවාහන කොට්ඨාශ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ, රථවාහන, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.