දෙයියනේ 13 හැවිරිදි දියණියගේ ප්‍රේම සම්බන්ධයට අකමැති වූණාට දියණිය විසින්ම මවට ගිනි තියලා
ඉතා අවාසනාවන්ත පුවතක් පිළිබඳව බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ අනුව සිය ප්‍රේම සම්බන්ධතාවයට මවුපියන් විරුද්ධ වීම හේතුවෙන් මවගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන 13 හැවිරිදි සිසුවියක අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් දැරිය පරිවාස භාරයේ රඳවා ඇති බව බදුල්ල පොලිසිය පවසයි. මෙසේ පරිවාස භාරයට පත්කර ඇත්තේ බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසු වියකි.
මාලිමාවේ දේශපාලන ක්‍රියාකරුවෙක් මත් ද්‍රව්‍ය පාර්සල්වල අලවන ස්ටිකර් ප්‍රින්ට් කරලා - ප්‍රේමනාත් සී. දොලවත්ත
එම ගිනි තැබීමෙන් බරපතල තුවාලැබූ මව බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි දුලාංජලී කුමාරි 28 නැමැති කාන්තාවකි.
එම සිදුවීම ඉකුත් 4 වැනි දින සිදුව තිබූ බව පොලිසිය පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.