ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්

Report

ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඊයේ දින රාත්‍රියේ ඉවත් කළේ ආරක්ෂාව වෙනුවෙන් බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම ප්‍රතිමාව අද දිනයේ නැවත ස්ථාපිත කරන බව ඔහු සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දින පාර්ලිමේන්තුව අමතමින්.

එසේම එම ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියට උපදෙස් දී ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කළා.

ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් එක්ක පොලීසියට විශාල විරෝධයක් - පිරිසක් රෝහලේ

ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් එක්ක පොලීසියට විශාල විරෝධයක් - පිරිසක් රෝහලේ

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණේ එම විහාරස්ථානයට පොලිසිය ඇතුළු වීමත් සමඟයි.

එසේම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම විහාරස්ථානයේ තැබූ බුදු පිළිමයද පොලිසිය මඟින් ඉවත් කිරීමට උත්සාහ ගෙන තිබූ බවයි.

එනිසා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස් රැස්වී ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණා.

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

මාලිමාවේ රෙදි ගැළවෙයි - ලොක්කෙක් අත්අඩංගුවට

මාලිමාවේ රෙදි ගැළවෙයි - ලොක්කෙක් අත්අඩංගුවට