ගෙවල් නැති අඩුආදායම් ලාභී පවුල්වලට නිවාස ඇමතිගෙන් සතුටු පුවතක්
නිවාස නොමැති අඩුආදායම් ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස 17,000ක් මේ වසරේ දී ඉදිකරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස ලබා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී නව නිවාස 4ක් අඩු ආදායම් ලාභීන්ට භාර කිරීම සිදු විය.
එසේම මෙහිදී මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීම ද සිදු විය.
ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේයි.
රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ








